![]() |
Super Six - A fresh view of sinhala cinema |
උදය පල්ලියගුරුගේ සිනමා නිර්මාණයක් වන සුපර් සික්ස් සිංහල චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතරට එක්වන මෙම නිර්මාණය සදහා වැයකර ඇති මුදල රුපියල් 7,700,000 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ රංගන ශිලප ශිල්පිණියන් සහ ඉන්දියානු තාක්ෂණය මුසුවූ අති නවීන තාක්ෂණ ක්‍රම යොදාගෙන නිර්මාණයේ තාත්වික බව හා රසාස්වාදය නැවුම් ව විදගැනීමට ප්‍රෙක්ෂකයාට උපරිම අවස්ථාවක් ලබාදී තිබෙනවා. මෙය තිරගත කිරීම සදහා භාවිතා කල ARRIFLEX - 435 වර්ගයේ සිනෙ කැමරාව මුල්වරට ලංකාවේ භාවිත කර ඇත්තේද මෙම චිත්‍රපටය සදහායි. (එම කැමරාව සම්බන්ධ පූර්ණ විස්තර කියවන්න) මෙම නිර්මාණයෙන් ඉතාම උසස් රසවින්දනයක් ලබා දීම සදහා අධ්‍යක්ෂකවරයා විසින් නොපසුබට උත්සාහකින් කටයුතු කර ඇති බව මනාව පැහැදිලි කිරීම සදහා මෙම නව තාක්ෂණයෙන් යුත් කැමරාව හොද නිදසුනක් සේ සැලකිය හැකිය. ඉන්දියානු නර්තන අධ්‍යක්ෂකවරුන් විසින් මෙහි නර්තනයන් නිර්මාණය කර තිබෙනවා. දර්ශන කිහිපයක් සදහා ඩෙකෑන් ඒවියේෂන් ආයතනයේ හෙලිකොප්ටරයක් ලබා ගෙන තිබෙනවා. ඒ තුලින් අයවැය රාමුවක් තුල කටයුතු නොකර චිත්‍රපටයේ වටිනාකම ඉහල දැමීමට ඔහු ගත් උත්සාහය පැහැදිලි වෙනවා. මෙම නිර්මාණය සදහා රංගනයෙන් දායක වූයේද ලංකාවේ අංක එකේ සිනමා රංගන ශිල්පීන් ය. ඔවුන් විවිධ චරිතාංග තුලින් උපරිමයටම ගමන් කල කලා කරුවන්ය.
රංගන ශිල්පීන් සහ ශිල්පිණියන්- සනත් ගුණතිලක
- මහේන්ද්‍ර පෙරේරා
- රොෂාන් රණවන
- අරුණි රාජපක්ෂ
- සාරංග දිසාසේකර
- පබෝදා සංදීපනීහේමාල් රණසිංහ
- දුලීකා මාරපන
- සුනෙත් චිත්‍රානන්ද
- මැණිකේ අත්තනායක
- ප්‍රියන්ත සෙනෙවිරත්න
- රොඩ්නි වර්ණකුල
- ජීවන් හදුන්නෙත්ති
- ඇන්ටන් ජූඩ්
- ගාමින්ද පියවිරාජ්
මොරටුව ප්‍රදේශයෙන් බිහිවන ක්‍රිකට් කණ්ඩායමක කථාව මෙහි තේමාව වී තිබෙනවා. ඔවුන්ගේ සිහිනය වන්නේ ලංකාවේ හොදම ක්‍රිකට් කණ්ඩායම බවට පත්වීමයි. ඔවුන්ගේ දස්කම් දැක්වීමට අවස්ථාවක් උදාවන්නේ සුපර් සික්ස් නැමැති සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් සදහා එක්තරා සංවිධානයක් සූදානම් වීමෙනි. වරෙක ක්‍රියාදාම චිත්‍රපටයක ස්වරූපයක් ගත්තද එහි හාස්‍ය හා ආදර ජවනිකා වලින්ද පිරිපුන් වීම විශේෂත්වයකි.උදාසීනත්වයකින් තොරව අවසානය දක්වා නරඹා රසවිදිය හැකි උසස් ඝණයේ නිර්මාණයක් මෙන්ම වාණිජ චිත්‍රපටයක් ලෙස ආදායම් වාර්තා පිහිටුවිය හැකි ආකාරයේ ජනප්‍රිය චිත්‍රපටයක් බවටද පත් වනු නොඅනුමානය.
චිත්‍රපටයේ විශේෂ රූප රාමු කිහිපයක් නරඹන්න.
වැඩිදුර විස්තර සදහා සුපර් සික්ස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
nice film..i watched it once..
ReplyDeleteoya salliwalin wena karanna deyak thibbema nedda..?
ReplyDelete