Monday, July 4, 2011

Strange tatoos

විවිධ රටවල තරුණ පිරිස් අතර එදා මෙදා තුර නොනැසී පවතින උන්මාදයක් වන පච්චා කෙටීම ගැන තොරතුරු බිදක්..ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද තරුණ පිරිස් මේ ආකාරයට විවිධ රූප මෙන්ම වැකි තමන්ගේ ශරීරයේ පිටතට පෙනෙන නොපෙනෙන තැන්වල ඇදගන්නවා. මෙය ටැටූ හෙවත් පච්චා කෙටීමයි. මෙය ක්‍රම දෙකකට සිදු කළ හැකිය. එනම් ස්ථිර හා තාවකාලික ලෙසයි. තාවකාලික පච්චයක් තමන්ට අවශ්‍ය කාලයක ඉවත් කර ගත හැකි අතර ස්ථිර පච්චයක් ඉවත් කිරීමට ශල්‍ය කර්මයන් පවා සිදු කිරීමට හේතුවන අවස්ථා ඇත. මෙම පච්ච සදහා විවිධ ගාස්තු යටතේ විවිධ හැඩතල වලින් තම සිරුර සරසා ගත හැකිය. මේ සදහාම වෙන්වු ශිල්පීන් පුර්ණ කාලීනව මෙන්ම අර්ධ කාලීනවද තම වෘත්තීයෙහි යෙදී සිටිනු දක්නට ලැබේ. බොහෝ විට මොවුන් අපට හමුවන්නේ රූප ලාවන්‍ය ආයතන ආශ්‍රිතවය. ඔවුන් තම ආම්පන්න සියල්ල මල්ලක දමාගෙන මහ මගදී හමුවන අවස්ථාවන්ද නැත්තේ නොවේ.කෙසේ වෙතත් පච්ච කෙටීමේදී සම සිදුරු කරන බැවින් ඒ සදහා පිරිසිදු විෂ බීජ වලින් තොර පරිසරයක් තෝරා ගැනීම යෝග්‍ය වේ. සමහරුන් ෆුල් බොඩි ටැටූ හෙවත් සම්පූර්ණ සිරුර ආවරණය වන සේ පච්චා කොටන අවස්ථාද දක්නට ඇත. 

කෙසේ වෙතත් දැන් මෙම ද්විමාන පච්චා කෙටීම තවදුරටත් වර්ධනය වී එය ත්‍රිමාණ යුගය දක්වා වර්ධනය වී ඇත. එය නවීනතම කලාවයි. විවිධ හැඩතල විලින් යුත් ලෝහ හෝ ප්ලාස්ටික් කොටස් සම සිදුරු කර යටට රිංගවීමෙන් මෙම නිර්මාණයන් සිදු කරයි. ඒ සදහා සියුම් ශල්‍ය කර්මයන් ද සිදු කරයි. මේ සදහා විශේෂිත වෛද්‍යවරුන්ද සිටිති. මේ ආකාරයට ඇතුලු කරන හැඩ තල සම ඉල්පී පෙනෙන්නට පටන් ගනී. ඒ ආකාරයට ම සම සිදුරු කිරීමද දක්නට ලැබේ. පච්චා කොටන ආකාරය හා ඒ සදහා යොදා ගන්නා උපකරණ දැක්වෙන වීඩියෝපටය නැරඹීමෙන් ඔබට මේ පිළිබද අදහසක් ලබාගත හැකිය. කෙසේ වෙතත් පච්චය සම්බන්ධව අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙය විලාසිතාවක් වන්නේ සමාජයේ සුලුතරයකට පමණක් බවය. බහුතරයක් මෙය දකින්නේ පිස්සු වැඩක් ලෙසය.

එම වීඩියෝව නරඹන්න.


තවත් ටැටූ ශල්‍ය කර්මයක් සහ ඒවා කරගත් පුද්ගලයින්...
















Please don't watch below if you have a week heart

*


*


*


*


*


*


*


*


*


*












3 comments:

  1. thava hoda then thiyenwa kotanawanam kotanna.

    ReplyDelete
  2. ලස්සන කෙල්ලෙක් අපරාදේ පිට ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

    ReplyDelete
  3. me parana mail ekaka thibba photos ne

    ReplyDelete