Friday, August 12, 2011

Chatrak(Mushroom) - Bengali film by sinhala director.

 විමුක්ති ජයසුන්දරගේ අළුත්ම චිත්‍රපටය-බිම්මල්. 2005 වර්ෂයේදී "සුළග එනු පිණිස" චිත්‍රපටය සමගින් රිදී තිරයේ නිර්මාණකරණයට අත් පොත් තැබූ විමුක්තියේ එම චිත්‍රපටය සති කිහිපයකින් සිනමා හල් වලින් ඉවත් කර ගැනීමට සිදුවිය. ඒ චිත්‍රපට මණ්ඩලයෙන් සිදුවු ප්‍රතික්ෂේප වීම මතය. කෙසේ වෙතත් 2005 වසරේ ප්‍රංශයේ කාන් ජාත්‍යාන්තර සිනමා උලෙළේ කැමරා ඩි ඕ (Camera de`or) සම්මානයට පාත්‍ර විය. එහි පිටපතද විමුක්තිගේ රචනයකි. කෞෂල්‍යා ප්‍රනාන්දු සමග නිලුපුලී ජයවර්ධන, හේමසිරි ලියනගේ එහි රංගනයෙන් දායක විය.
ඉන්පසු විමුක්තිගේ නිර්මාණය වූයේ "අහසින් වැටෙයි" චිත්‍රපටයයි.‍ ප්‍රමාණාත්මක ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලද චිත්‍රපටය ඉතාලියේ 2009 පැවති වැනිසි චිත්‍රපට සම්මාන උලෙළේදී මෙන්ම එම වසරේදී ම පැවති බාසිලෝනා සම්මාන උලෙළ සදහාද නිර්දේශ වූ අතර එය නෙට් පැක් සම්මානයෙන් පිදුම් ලැබීය.
2011 වසරේදී ඔහුගේ නවතම චිත්‍රපටය නවතම රාමුවකින් එළි දකින්නට සූදානම්ය. එය ආරම්භ වන්නේද වාර්තාගත අන්දමකිනි. "චත්‍රාක්" හෙවත් "බිම්මල" චිත්‍රපටය විදේශීය නිෂ්පාදකවරයකු සදහා ශ්‍රී ලංකා‍වේ අධ්‍යක්ෂකවරයෙක් සහය වන ප්‍රථම චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවේ. මෙය බෙංගාලි චිත්‍රපටයකි. නිෂ්පාදනය සදහා සහය වන්නේ බෙංගාලි ජාතික ව්‍යාපාරිකයකු වන විනෝද ලහෝතිය. මීට අමතරව ඉතාලි ජාතික සමාගම් දෙකකද සහාය ලබාගෙන ඇත. මෙහි කථාවට පාදක වන්නේ ඉන්දියාව‍වේ කල්කටාහි ඉපිද ඩුබාහි හි රැකියාව නිරත වන රාහුල් නමැති ගැටවරයාය. වසර කිහිපයක සේවයකින් පසු ඔහුගේ නිවස බලා ආපසු එයි. ඉන්පසු ඔහුගේ මන්ද බුද්ධික සොහොවුරා අතුරුදහන් වන අතර ඔහුව සොයා වනාන්තරයට යාමට රාහුල්ට සිදුවෙයි. ඔහුගේ පෙම්වතිය පාඋලීද ඔහුට මෙහිදී සහය වෙයි‍. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගන්නේ පාඋලී දාම්, සන්දීප් මුකර්ජි, සන්කර් ඩේ, සුමිත් තාකුර් සමග අනුභාත්‍ර භාසුය.චිත්‍රපටයේ පටිගත කිරීම්  රැසක්ම කල්කටාවෙදී සිදුවිය. එයද ලාංකික කැමරාකරුවකු වන චන්න දේශප්‍රිය විසිනි.  




















No comments:

Post a Comment