Wednesday, September 21, 2011

World renowned Sri Lankan Actor Joe Abeywickrama passed away

ජෝ අබේවික්‍රම
සිංහල සිනමාවට අති විශිෂ්ට මෙහෙවරක් කළ කෘතහස්ත රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම මහතා ඊයේ (21) දින සිය ජීවන සිනමාවට සමුදුන්නේ  84 වැනි වියේදීය. රත්නපුර  පැල්මඩුල්ල ,ලෙල්ලොපිටියේදී 1927 ජූනි මස 22 දින උපන් ගම්මන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම ලංකාවේ සිනමාවට පිවිසියේ 1957 වසරේදීය. ඒ සරදම චිත්‍රපටයේ විකට නළුවකු ලෙසිනි.නමුත් ඔහු චරිතාංග නළුවකු ලෙසින් ඉදිරියට එන්නේ 1965 සිටය. සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ටතම ආසියානු නළුවා ලෙස ජෝ අබේවික්‍රම පිදුම් ලබන්නේ පුරහද කළුවර (Death on a Full Moon Day) චිත්‍රපටයේ රංගනයටය.



එදා මෙදා තුර සිංහල සිනමාවේ 200 කට ආසන්න චිත්‍රපටවලට දායකවීමට තරම් අද්විතීය රංගන කුසලාවයකින් පිරිපුන් මේ කෘතහස්ත රංගධරයා ගේ චිත්‍රපට ලැයිස්තුව
         වසර           චිත්‍රපටය
  1. 1957 සරදම
  2. 1959 අවිශ්වාසය
  3. 1959 ශ්‍රී 296
  4. 1959 ගැහැණු ගැට
  5. 1959 සිරිමලී
  6. 1960 නළගන
  7. 1960 පිරිමියෙක් නිසා
  8. 1961 දරුවා කාගෙද
  9. 1962 රන්මුතු දූව
  10. 1962 දේව සුන්දරී
  11. 1963 වෙන ස්වර්ගයක් කුමටද
  12. 1963 දීපශිකා
  13. 1964 හෙට ප්‍රමාද වැඩියි
  14. 1964 ගැටවරයෝ
  15. 1964 සුභ සරණ සැප
  16. 1964 සිතක මහිම
  17. 1965 චන්ඩියා
  18. 1965 සතුටු කදුළු
  19. 1965 සාරවිට
  20. 1965 හිතට හිත
  21. 1965 අල්ලපු ගෙදර
  22. 1965 සත පනහ
  23. 1965 ස්වීප් ටිකට්
  24. 1965 ළදක මහිම
  25. 1966 සැගවෙන සෙවනැල්ල
  26. 1966 මහදැන මුත්තා
  27. 1966 සැනසුම කොතැනද
  28. 1966 ඇතුල්වීම තහනම්
  29. 1966 සීගිරි කාශ්‍යප
  30. 1966 කපටිකම
  31. 1966 පරසතු මල්
  32. 1967 සොරුන්ගෙත් සොරු
  33. 1967 මනමාලියෝ
  34. 1967 දරු දුක
  35. 1967 සැඩොල් කදුලු
  36. 1968 පුංචි බබා
  37. 1968 අක්ක නගෝ
  38. 1968 ඇමතිකම
  39. 1968 දහසක් සිතුවිලි
  40. 1968 ආදරවන්තයෝ
  41. 1968 අටවැනි පුදුමය
  42. 1969 සෙනෙහස
  43. 1969 ඔබ නැතිනම්
  44. 1969 නාරිලතා
  45. 1969 හරි මග
  46. 1969 බඩුත් එක්ක හොරු
  47. 1969 උතුම් ස්ත්‍රී
  48. 1969 ප්‍රවේසම් වන්න
  49. 1969 පාරා වළලු
  50. 1969 පැංචා
  51. 1969 රෝමියෝ ජුලියට්
  52. 1970 ලක්ෂෙට කොඩිය
  53. 1970 තේවත්ත
  54. 1970 තුන්මං හන්දිය
  55. 1971 සීයේ නොට්ටුව
  56. 1971 වැලිකතර
  57. 1971 හාරලක්ෂය
  58. 1972 ච්න්දා, the Black Leopard of Ceylon
  59. 1972 වීදුරු ගෙවල්
  60. 1973 මාතර ආච්චි
  61. 1973 තුෂාරා
  62. 1973 සදහටම ඔබ මගේ
  63. 1974 කැළණි ගග
  64. 1974 ඔන්න බබෝ බිල්ලා එනවා
  65. 1974 නියගලා මල්
  66. 1975 රත්තරන් අම්මා
  67. 1975 තරංගා
  68. 1974 සූරයා සූරයාමයි
  69. 1975 සිකුරුලියා
  70. 1975 සධානා
  71. 1975 කළු දිය දහර
  72. 1975 දෑස නිසා
  73. 1976 වාසනා
  74. 1976 මඩොල් දූව
  75. 1976 කොළඹ සන්නිය
  76. 1976 The God King
  77. 1976 උන්නත් දාහයි මලත් දාහයි
  78. 1976 ඹන්න මාමේ කෙල්ල පැනපි
  79. 1977 හිතුවොත් හිතුවාමයි
  80. 1977 යළි ඉපදේ
  81. 1977 සිරිපාල හා රන්මැණිකා
  82. 1978 ගැහැණු ළමයි
  83. 1978 සිරිපතුල
  84. 1978 සෙලීනාගේ වලව්ව
  85. 1978 සාරා
  86. 1978 වීර පුරන් අප්පු
  87. 1978 බඹරු ඇවිත්
  88. 1978 සල්ලි
  89. 1978 කුමර කුමරියෝ
  90. 1978 සදවට රන්තරු
  91. 1979 ජීවන කලුළ්‍ර
  92. 1979 හිගන කොල්ලා
  93. 1979 රජ කොල්ලෝ
  94. 1979 වසන්තේ දවසක්
  95. 1979 විසි හතර පැය
  96. 1979 හරි පුදුමයි
  97. 1980 ටක් ටික් ටුක්
  98. 1980 ජෝඩු වළලු
  99. 1980 එක්ටැම් ගේ
  100. 1980 සීතා
  101. 1980 ආදර රත්නේ
  102. 1980 සිරිබෝ අයියා
  103. 1980 ඹබර පහස
  104. 1980 දඩු මොණර
  105. 1980 මුවන් පැලැස්ස 2
  106. 1980 පාර දිගේ
  107. 1980 සිංහබාහු
  108. 1981 කෝලම් කාරයෝ
  109. 1981 තරංගා
  110. 1981 බැද්දේගම
  111. 1981 සයුරු තෙර
  112. 1981 සෝල්දාදු උන්නැහේ
  113. 1981 සතර පෙර නිමිති
  114. 1981 පිංහාමි
  115. 1981 සතර දිගන්තය
  116. 1982 තන ගිරවී
  117. 1982 වතුර කරත්තය
  118. 1982 මේජර් සර්
  119. 1982 කැලේ මල්
  120. 1982 මලට නොඑන ඹබරු
  121. 1982 රැළි පාර
  122. 1982 කඩවුණ පොරොන්දුව
  123. 1983 රන් මිණි මුතු
  124. 1983 සදමාලි
  125. 1983 සුමිත්‍රයෝ
  126. 1983 නිළියකට පෙම් කළෙමි
  127. 1983 සමුගනිමි මා ස්වාමියනි
  128. 1983 සුබෝධා
  129. 1983 මුවන් පැලැස්ස 3
  130. 1983 මොනර තැන්න 2
  131. 1983 Peter of the Elephants
  132. 1983 මුහුදු ලිහිණි
  133. 1984 ශිරානි
  134. 1984 තාත්තයි පුතයි
  135. 1984 පොඩි රාළහාමි
  136. 1984 සංසාර චේතනා
  137. 1984 වදුල
  138. 1984 හිම කතර
  139. 1984 සහෝදරියකගේ කථාව
  140. 1985 සුද්දිලාගේ කථාව
  141. 1986 මල්දෙනියේ සිමියොන්
  142. 1986 දෙව් දුව
  143. 1986 Pooja Jamis
  144. 1986 ආදර හසුන
  145. 1987 විරාගය
  146. 1988 රජ රහසක්
  147. 1988 අංගුලිමාල
  148. 1990 පාලම යට
  149. 1991 ගොළු මුහුදේ කුණාටුවක්
  150. 1991 චෙරියෝ ඩොක්ටර්
  151. 1991 ස්ත්‍රී අප්පුහාමි
  152. 1992 උමයංගනා
  153. 1994 අඹු සැමියෝ
  154. 1995 අවරගිර
  155. 1995 චෙයරියෝ කැප්ටන්
  156. 1996 හිත හොද කොල්ලෙක්
  157. 1996 ලොකු දුව
  158. 1996 චෙයරියෝ ඩාලින්
  159. 1996 බිතු සිතුවම්
  160. 1997 සුදු අක්කා
  161. 1998 විමුක්ති
  162. 2000 සරෝජා
  163. 2001 පුරහද කළුවර
  164. 2001 අස්වැසුම
  165. 2006 ධීවරී 
‍වරක් දැව සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය සේවයට ද පිවිසි අබේවික්‍රමයන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.‍ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට මෙන්ම නවකථාකරණයට පිවිස සාර්ථක කුසලාවයන් දැක්වූ ඔහුගේ ප්‍රථම ස්වත්‍රන්ත නවකථාව "මහ ඹබාට මුහුණු දෙකයි" ලෙස ප්‍රකාශනයට පත්විය. ඔහු රගපෑ අවසන් චිත්‍රපටය "මහින්දාගමනය" විය. හෙළ සිනමාවේ දැවැන්ත චරිතාංග නළුවකු ලෙසින් ඔබ සිදුකල මෙහෙය කරන්නට තවත් අයෙක් බිහිවේදැයි සිතිය නොහැක. "පුරහදට" අද "කළුවර " වැටී ඇත. ඔබට නිවන් සුව...!!!



    ජෝ අබේවික්‍රමයන්ගේ දේහය අද මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැනපත් කර තිබේ. හෙට උදෑසන දේහය ජාතික කලා භවනට රැගෙන යාමට නියමිතය. දේහය පිළිබද අවසන් කටයුතු හෙට (23) දින බොරැල්ල කනත්තෙදී සිදුකෙරේ‍.

    5 comments:

    1. Obata Niwan suwa pathamu

      ReplyDelete
    2. I am really impressed along with your writing skills and also with the format to your weblog.
      Is that this a paid subject matter or did you modify it your self?
      Anyway stay up the nice quality writing, it is uncommon to look a
      great blog like this one today..

      Also visit my web blog ... kannada film discussions

      ReplyDelete
    3. Yes! Finally someone writes about business lookup.


      Feel free to surf to my website; business directory usa pages

      ReplyDelete
    4. I got this web site from my friend who informed me regarding this web site and now this time I am visiting this web site and reading very informative content at this
      place.

      Stop by my weblog: inception movie discussion

      ReplyDelete
    5. Hello! This is my first comment here so I just wanted
      to give a quick shout out and say I really enjoy reading
      your blog posts. Can you suggest any other blogs/websites/forums that cover the same subjects?
      Thank you so much!

      Feel free to surf to my web blog; elocaldirectory

      ReplyDelete